Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2020, ජූලි 1

ලෝක බැංකුව විසින් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා නව අධ්‍යක්ෂකවරයා නිවේදනය කරනු ලබයි

Image

2020, ජූලි 1 දින, වොෂිංටනයේ දී —අද දින සිට ක්‍රියාත්මක වන පරිදි මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ෆාරිස් හදාද් සර්වෝස් මහතා කටයුතු කරනු ඇත. නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි උප කලාපීය කාර්යාලය මත පදනම්ව, ඩොලර් බිලියන 5.5ක සමස්ත වත්මන් ආයෝජන කළඹක් පාලනය කරමින්, මාලදිවයිනට, නේපාලයට සහ ශ්‍රී ලංකාවට ලෝක බැංකුව විසින් සපයනු ලබන සහයෝගය සඳහා ඔහු මඟ පෙන්වනු ඇත.

නව ලෝක බැංකු පැවරුමක් බාර ගැනීමට නියමිත හදාද් - සර්වෝස් මහතා, අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මියට පසු අනුප්‍රාප්තියට පත්වෙයි. ඔහු මීට ප්‍රථම, නේපාලය සඳහා ලෝක බැංකු කළමනාකරු ලෙස සේවය කළේය. ඇමරිකානු ජාතිකයෙකු වන ඔහු 1996 වර්ෂයේ දී ලෝක බැංකුවට බැඳුණු අතර, මැලේසියාවේ සහ බොලීවියාවේ කළමනාකාර තනතුරු හෙබවූයේය. ඔහු ගල්ෆ් සහයෝගීතා රටවල් සමඟ තාක්ෂණික සහයෝගීතා වැඩසටහනේ කළමනාකරු ලෙස ද, ඉරාකය සඳහා මෙහෙයුමේ ප්‍රධානියා ලෙස ද, සහ බටහිර බැංකුව සහ ගාසා සඳහා මෙහෙයුම් කළමනාකරු ලෙසත් සේවය කළේය.

හදාද් - සර්වෝස් මහතාගේ පත්වීම පැමිණෙනුයේ මෙම රටවල් ත්‍රිත්ත්වයේ ම රජයයන් කොවිඩ් - 19 අර්බුදයේ ආර්ථික බලපෑම් මෙන්ම, ආසන්නතම සහ දිගු කාලීන සෞඛ්‍ය සහ ආර්ථික බලපෑම් යන කාරණා ද්විත්ත්වයටම ඉතා ඉක්මනින් පිළියම් සෙවිය යුතු කලක දී ය.

 “කොවිඩ් -19 අර්බුදයේ බලපෑම් සමඟ රටවල් සටන් කරන බැවින් ජීවිත සහ ජීවනෝපායන් රැක ගැනීමට මෙන්ම, ආර්ථික ප්‍රතිසාධනයට සහය දැක්වීම තීරණාත්මක වේ,” යැයි හදාද් - සර්වෝස් මහතා පැවසුවේය.“ලෝක බැංකුව විසින් මූල්‍යනය කරන ලද වැඩසටහන්වලින් කොවිඩ් - 19 හි සෞඛ්‍ය සහ ආර්ථික බලපෑම් සමනය කිරීමට සහ රැකියා උත්පාදනයට මෙන්ම, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල ආවරණශීලී සහ තිරසාරාත්මක වර්ධනය දියුණු කිරීමට සහය වන බව තහවුරු කිරීම මාගේ ප්‍රථම ප්‍රමුඛතාව වන අතර, රජයයන්, සංවර්ධන හවුල්කරුවන්, පෞද්ගලික අංශය සහ සිවිල් සමාජය සමඟ ක්‍රියා කිරීමට මම බලාපොරොත්තුවෙන් සිටිමි.”

මහජන සෞඛ්‍ය සූදානම්බාවය ශක්තිමත් කිරීමට සහ රටවල් විසින් මෙම ගෝලීය වසංගතය වළක්වා ගනු ලැබීමට, එය හඳුනා ගනු ලැබීමට සහ ඊට ප්‍රතිචාර දක්වනු ලැබීමට සහය ලබා දීම සඳහා සමස්තයක් ලෙස ඩොලර් මිලියන 350කට අධික කොවිඩ් - 19 ආපදා ප්‍රතිචාර ව්‍යාපෘති ඔස්සේ  මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව වන රටවල රජයයන් හට ලෝක බැංකුව සහය ලබා දෙමින් සිටී.

###

සංස්කාරක වෙත සටහන්:

මාලදිවයින: රටෙහි මහජන සෞඛ්‍ය සූදානම්බාවය ශක්තිමත් කිරීමට සහ එරට කොවිඩ් - 19න් වළක්වා ගැනීමට හා එය හඳුනා ගැනීම උදෙසා, ඩොලර් මිලියන 7.3 ක මාලදිවයින් කොවිඩ් - 19 ආපදා ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම්බාවයේ ව්‍යාපෘතිය තුළින් මාලදිවයින තුළ කොවිඩ් - 19 ගෝලීය වසංගතයට ලෝක බැංකුව ප්‍රතිචාර දැක්වූයේය. මීට අමතරව, මාලදිවයිනට සහය ලබා දීම සඳහා මහා ව්‍යසනවලට වෙනස් වන පහත වැටීමේ විකල්පයක් ආපදා අවදානම් කළමනාකරණ සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණය යටතේ ඩොලර් මිලියන 10 ක අවිනිශ්චිතතා මූල්‍යකරණයක් සහ ඩොලර් 952,000ක ගෝලීය වසංගත ආපදා පහසුකමක් ලබා දී ඇත. තවද, සේවකයන් සහ ඔවුන්ගේ පවුල් කෙරෙහි කොවිඩ් - 19 අර්බුදය ඇති කරන ආර්ථික බලපෑම අවම කිරීමට සහ අනාගත ආපදාවන්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා සමාජ ආරක්ෂණ වැඩහටහන්වල ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන 12.8ක කොවිඩ් - 19 ආපදා ආදායම් සහය ව්‍යාපෘතිය ද මෑතක දී අනුමත කොට ඇත. මාලදිවයිනෙහි වර්තමාන ලෝක බැංකු ආයෝජන කළඹ ඇමරිකානු ඩොලර් මිලියන 140.6ක ශුද්ධ කැපකිරීමක් සහ එක් ජාත්‍යන්තර සංවර්ධන සංගම් ඇපවීමක්/ භාරකාර අරමුදලක් සමඟ සක්‍රීය ව්‍යාපෘති 9කින් සමන්විත වේ.

නේපාලය: අර්බුදයෙන් හට ගන්නා අවශ්‍යතාවන් සපුරාලීමට පවතින කළඹෙන් සියයට 20ක් පමණ ප්‍රතිව්‍යුහගත කරන අතරතුර, ඩොලර් මිලියන 29ක ආපදා ප්‍රතිචාර ව්‍යාපෘතියක් ඔස්සේ කොවිඩ් - 19 ගෝලීය වසංගතයේ ආසන්නතම සෞඛ්‍ය අවශ්‍යතාවලට පිළියම් යෙදීමට නේපාල රජය සමඟ ලෝක බැංකුව ක්‍රියා කරයි. ලෝක බැංකුව, කොවිඩ් - 19 අර්බුදයට සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්වීමට සහන, ප්‍රතිව්‍යුහගතකරණ හා ප්‍රත්‍යස්ථිති සැලැස්මක් සූදානම් කිරීමෙහිලා රජයට සහය ලබා දීමට වෙනත් බහුපාර්ශ්වික සංවර්ධන බැංකු හා එක්ව ක්‍රියා කරන උපදේශන මණ්ඩලයේ කොටස්කරුවෙකු ද වේ. නේපාලයේ ලෝක බැංකු ආයෝජන කළඹ, යටිතලපහසුකම්, මානව සංවර්ධනය, මූල්‍යය සහ පාලනය වැනි මූලික අංශවල ඩොලර් බිලියන 3ක පමණ අගයකින් යුත් සක්‍රීය ව්‍යාපෘති 25කින් සමන්විත වේ.

ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකාද්වීපයට තම රටෙහි ගෝලීය වසංගතයෙන් වළක්වා ගැනීමට, එය හඳුනා ගැනීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම, එහි මහජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට එරටට සහය ලබා දීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 215ක අගයකින් යුත් ශ්‍රී ලංකා කොවිඩ් - 19 ආපදා ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම්බාවයේ ව්‍යාපෘතිය ඔස්සේ සහයෝගය ලබා දෙනු ලැබේ. ශ්‍රී ලංකාව ආර්ථික කටයුතු සඳහා විවර වන අවස්ථාවේ දී රටේ සූදානම්බාවය වඩා වර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 87.24 ක අතිරේක මූල්‍යකරණයක් ද මීට ඇතුළත් වේ. ප්‍රවාහනය, නාගරීකරණය, ජලය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුළු අංශ ගණනාවක ඩොලර් බිලියන 2.3ක අගයක ව්‍යාපෘති 20කින් ශ්‍රී ලංකාවේ ලෝක බැංකු ආයෝජන කළඹයන් සමන්විත වේ.

ලෝක බැංකු සමූහයෙහි කොවිඩ් - 19 ප්‍රතිචාරය: දියුණු වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ගෝලීය වසංගත ප්‍රතිචාරය ශක්තිමත් කිරීම සඳහා සහය දැක්වීමට පුළුල් සහ ඉතා ඉක්මන් ක්‍රියාමාර්ග ගනු ලබන ලෝක බැංකු සමූහය, දියුණු වෙමින් පවතින රටවල් සඳහා විශාලතම අරමුදල්කරණ සහ දැනුම ප්‍රභවයන් අතරින් එකකි. පෞද්ගලික අංශයට නොකඩවා රැකියා සැලසීමට සහ එම රැකියා සඳහා ශක්තිය ඇති කිරීමට තීරණාත්මක සැපයුම් සහ උපකරණවල ප්‍රවාහය තහවුරු කිරීමට ක්‍රියා කිරීම සඳහා අපි මහජන සෞඛ්‍ය මැදිහත්වීම්වලට සහයෝගය ලබා දෙන්නෙමු. දිළිඳු සහ අවදානමට භාජනය විය හැකි පුද්ගලයන් රැක ගැනීමට, ව්‍යාපාරවලට සහය දීමට සහ ආර්ථික ප්‍රතිසාධනයට රුකුලක් වීමට අපි රටවල් 100ට අධික සංඛ්‍යාවකට මාස 15කට වැඩි කාලයක් මුළුල්ලේ ඩොලර් බිලියන 160ක් දක්වා මූල්‍ය සහය යෙදවීමට කටයුතු කරන්නෙමු.  මේ තුල මූල්‍ය ප්‍රදාන සහ ඉහළ වශයෙන් සහනදායී ණය ලෙස ලබාදෙන  ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ නව සම්පත් වලින්  ඩොලර් බිලියන 50ක් ද මීට අයත් වේ.


සම්බන්ධ වන්න

In Colombo
Dilinika Peiris-Holsinger
dpeiris@worldbank.org
In Kathmandu
Akash Shrestha
ashrestha9@worldbank.org
In Washington
Yann Doignon
ydoignon@worldbank.org
Api
Api