Skip to Main Navigation
මාධ්‍ය නිරාවරණය 2020, අප්‍රේල් 1

COVID-19 මැඩලීමට ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක සහයෝගය

වොෂිංටන් හි දී - 2020 අප්‍රේල්  මස 2 දින - COVID-19 වසංගතයෙන් ශ්‍රී ලංකාවට වන බලපෑම අවම කිරීමේ අරමුණින් ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂකවරුන් පසුගියදා COVID-19 වසංගතයට ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිචාර දැක්වීම සහ සෞඛ්‍ය අංශ සූදානම් කිරීමේ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 128.6 ක මුදලක් ලබාදීමට අනුමැතිය ලබාදෙන ලදී.  

මෙම නව සහන පැකේජය හරහා වෛරසයේ පැතිරීම මන්දගාමී කිරීම, වෛරසය ආසාදනය වූවන්ගේ ප්‍රමාණය අඩුකිරීමට උත්සහ කිරීම සහ සමාජ පැතිරවීම වැළැක්වීමට අවශ්‍ය සහය ලබාදෙනු ඇති අතර ඒ හරහා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේම ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කෙරෙනු ඇත. මේ යටතේ වෛරසයට හදිසි ප්‍රතිචාර දක්වන ක්‍රමවේද වඩාත් පුළුල් කිරීම, රසායනාගාර සහ රෝහල් වල ධාරිතාවය ඉහළ දැමීම, රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම, සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය පුහුණුව ලබාදීම සහ අත්සේදීම, සනීපාරක්ෂක  භාවය සහ සමාජ දුරස්ථබාවය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම යන කාර්යයන් සඳහා සහය සැපයෙනු ඇත.

 “COVID-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීමට සහ රෝග හේතුවෙන් අනාගතයේ මුහුණ දිය හැකි හදිසි තත්වයන්ට මුහුණදීමට රට සූදානම් කිරීමට, ලෝක බැංකුව ශ්‍රී ලංකා රජය හා සමීපව කටයුතු කරනවා.”  යැයි නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය පැවසුවාය.

රිඩ්ඩිහොග් මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ මේ වන විටත් ශ්‍රී ලංකාව විසින් වෛරසයේ පැතිරීම පාලනයට සහ රටේ ජනතාව ආරක්ෂා කිරීමට පියවර රැසක් ගෙන තිබෙන අතර ඔවුන් විසින් ලබාදෙන සහයෝගය මේ වන විට ගෙන ඇති ක්‍රියමාර්ග වලට උපකාරී වනවා මෙන්ම අනාගත අවදානම් අවම කිරීමටද උදව් වනු ඇති බවට විශ්වාස කරන බවයි.

මෙම ව්‍යාපෘතියට, ප්‍රතිසංස්කරණ සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (IBRD) විසින් COVID-19 කඩිනම් සහන ක්‍රියාවලිය යටතේ ලබාදෙන ඩොලර් මිලියන 35 ක ණය මුදලක්, ලෝක බැංකුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට සහනදායී පදනම මත ණය ලබාදෙන ක්‍රියාවලිය යටතේ ජාත්‍යන්තර සංවර්ධන සංවිධානය (IDA) විසින් ලබාදෙන ඩොලර් මිලියන 93.6 ක ණය මුදලක් අන්තර්ගත වේ. මෙම ව්‍යාපෘතිය සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ සංවිධාන සහ වෛරසය පැතිරීම වැළැක්වීමට කටයුතු කරන අනෙකුත් ආයතන හා එක්ව ක්‍රියාත්මක කරනු ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා වඩාත් ශක්තිමත්ව COVID-19 වෛරසයේ බලපෑමට ප්‍රතිචාර දැක්වීමට රජයට හැකිවනු ඇති අතර ව්‍යාපෘතිය යටතේ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කරන ප්‍රධාන ස්ථානය වන ජාතික බෝවන රෝග විද්‍යායතනය වැනි දැනට පවතින ආයතනයන්හි  පහසුකම් වැඩිදියුණු කිරීමටද කටයුතු කෙරෙනු ඇත.

මීට අමතරව වෛරස හා බැක්ටීරියා පිළිබඳ පරේෂණ කිරීමට ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ මධ්‍යස්ථානය වන ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයට පළමු වරට ජෛව ආරක්ෂක තුන්වන මට්ටමේ රසායනාගාරයක් ලබාදීමට ද ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙනු ඇත.

 

ලෝක බැංකු සමුහයේ  COVID-19 සඳහා වූ ප්‍රතිචාරය

ගෝලීය අභියෝගක් බවට පත්ව ඇති COVID-19 වෛරසය මැඩලීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට සහය වීමේ අරමුණින් ලෝක බැංකුව විසින් ඩොලර් බිලියන 14ක‌ කඩිනම් සහන පැකේජයක් ලබාදීමට කටයුතු කර තිබේ. මේ යටතේ වෛරසයට එරෙහි සටනට වඩා ශක්තිමත්ව මුහුණ දීමට මෙන්ම ඉතා කෙටි කාලයක් තුල රටවල් යථා තත්වයට ගෙන ඒමට අවශ්‍ය සහය සැපයෙනු ඇත. මෙසේ ලබාදෙන ක්ෂණික සහය යටතේ වෛරසය හේතුවෙන් රටවල් වලට වන ආර්ථික හා සෞඛ්‍ය බලපෑම අවම කිරීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය සහය ප්‍රතිපත්ති සම්පාදන සහය සහ තාක්ෂණික සහයෝගය ලබාදීමට කටයුතු කෙරේ.  ගෝලීය වසංගතයෙන් පීඩාවට පත් පෞද්ගලික සමාගම්වලට සහය වීමට සහ රැකියා සුරැකීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) විසින්  ඩොලර් බිලියන 8 ක මූල්‍ය සහය සපයයි. IBRD සහ IDA විසින් රටවලට වසංගතයට එරෙහිව සෞඛ්‍ය ප්‍රතිචාරය  ආරම්භ කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 6 ක් මුලින්  ලබා දෙයි. අනාගතයේදී  රටවල් වලට පුළුල් සහයෝගයක් අවශ්‍ය බැවින්, දුප්පතුන් හා අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම, ව්‍යාපාර සඳහා ආධාර කිරීම සහ ආර්ථික ප්‍රතිසාධනය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකු සමූහය මාස 15 ක් තුළ ඩොලර් බිලියන 160 ක් යොදවනු ඇත.


සම්බන්ධ වන්න

වොෂින්ටන්
එලේනා කරබන්
+1 (202) 473-9277
ekaraban@worldbank.org
කොළඹ
දිලිනිකා පීරිස්
+94 (011) 5561347
dpeiris@worldbank.org
Api
Api