කොළඹ, 2017 ජූනි 29— ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය හා දිළිඳුකම පිටු දැකීම සදහා රජය රටේ පුළුල් සහයෝගයක් ඇතිව ආර්ථික තරගකාරීත්වය වැඩිදියුණු කිරීම, රාජ්‍ය මූල්‍ය ස්ථායීතාවය පවත්වා ගැනීම, ආයතන ව්‍යුහයන් ශක්තිමත් කිරීම යනාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ඇතුළත් ශ්‍රී ලංකාවේ සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update) නවතම වාර්තාව ලෝක බැංකුව විසින් අද දින එළි දැක්වී ය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා එහි අනාගත දිශාව පිළිබඳ අර්ධ වාර්ෂික වාර්තාවක් වන එය, ස්වාභාවික ආපදා ඇතුළු අභියෝග රැසක් හමුවේ ඇතිවන අභියෝග මධ්‍යයේ වුවද, 2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය සතුටුදායක බව කියයි. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත කිරීම සහ GSP + සහනය නැවත ලබා ගැනීම වැනි වැදගත් ජයග්‍රහණ කිහිපයක් ශ්‍රී ලංකාව මෑත දී වාර්තා කළේ ය. 2015 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.6%ක් වූ රාජ්‍ය මූල්‍ය හිඟය 2016 වර්ෂයේදී 5.4% දක්වා පහත වැටී ඇත. නියඟය හා ගංවතුර කෘෂිකාර්මික අංශයට මහත් බලපෑමක් ඇති කළ අතර ඒ අනුව 2016 දී ආර්ථික වර්ධන වේගය 4.4% දක්වා පහත වැටිණි.
"ශ්‍රී ලංකා රජයේ කැපවීම ආර්ථික වර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කර ඇත. කෙසේ වෙතත්, සෙසු සාධක අතර අයහපත් කාලගුණය, අයවැය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වී ඇති අතර ආර්ථික වර්ධනය සහ අපනයන කාර්ය සාධනය කෙරෙහි ද බලපා ඇතැයි "ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් පවසයි. "ඉදිකිරීම් හා මූල්‍ය සේවා අංශවල ශක්තිමත් දායකත්වය හොඳ මට්ටමක පවතින අතර, ප්‍රමාණවත් ලෙස රජයේ ආදායම් වැඩිකර ගැනීම සහ උසස් රැකියා අවස්ථා වැඩි සංඛ්‍යාවක් පුරවැසියන්ට ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සිය ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුය."
ස්වාභාවික විපත්වලට මුහුණදීමට ඇති හැකියාව වර්ධනය කිරීමට අමතරව, වාර්තාවේ නිර්දේශ අතර, රාජ්‍ය ණය තිරසාර මාර්ගයකට ගෙන ඒම සඳහා පුනරාවර්තන වියදම් පාලනය කරමින් වැඩි ආදායමක් උපයා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි. ඉදිරි දින කිහිපයේදී දේශීය බදු ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හොඳ ආරම්භක පියවරකි. ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාව සිය ආර්ථික තරගකාරිත්වය වර්ධනය කරගැනීම සහ අපනයන මත පදනම් වූ ආර්ථික වර්ධන ආකෘතියක් වෙත ප්‍රවිශ්ට වීම වැදගත් ය.
වාර්තාවෙන් හඳුනාගන්නා අවදානම් අතර, ව්‍යුහාත්මක බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම, බදු පරිපාලනයේ අපේක්ෂිත වැඩි දියුණු කිරීම් මන්දගාමී වීම, ගෝලීය ආර්ථික වර්ධනය පහළ යාම සහ ගෝලීය වෙළඳපොළෙහි භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම යන කරුණු ප්‍රධාන ය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි හඳුනාගත් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය, වගවීම හා විනිවිදභාවය වැඩිදියුණු කිරීම වැදගත් පියවරයන් ය. ව්‍යාපාරික පරිසරය ඉහළ නැංවීම හා ආනයන අපනයන කටයුතු පහසු කිරීමට පියවර ගැනීම රටේ තරගකාරීත්වය ඉහළ නැංවීමට හේතු වනු ඇත.
සමාන ආර්ථිකයන් සහිත රටවලට සාපේක්ෂව විදේශීය ඍජු ආයෝජන ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය වන්නේ අවම මට්ටමකිනි. "ආර්ථිකය වර්ධනය කිරීමට හා රැකියා සඳහා නව මූලාශ්‍රවලට පිවිසීට දැන් ශ්‍රී ලංකාවට අවස්ථාව එළඹ තිබේ. ඒ සඳහා ආර්ථිකය තවදුරටත් විවෘත කරමින් විවිධාංගීකරණයට ලක්කිරීම අවශ්‍ය වේ" යනුවෙන් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ඇගයුමෙහි එක් කතුවරයෙකු ද වන රැල්ෆ් වෑන් ඩූන් පවසයි. අපනයනය හා රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා ගන්නා පියවරයන් දිළිඳු ජනතාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට ගන්නා පියවරයන් බව ඔහු අවධාරණය කළේය.
ආර්ථික වර්ධනය හමුවේ වන ගැටලු විසඳාගැනීමට එරෙහි ප්‍රධාන අභියෝග එකිනෙකට සම්බන්ධ වී ඇති අතර, ඒවා වෙන් වෙන්ව නොගන්නා පුළුල් ප්‍රතිසංස්කරණ ප්‍රවේශයක් අවශ්‍ය බව වාර්තාව දකියි. අභියෝගාත්මක ගෝලීය පරිසරයත්, සංකීර්ණ වූ දේශපාලන වාතාවරණයත් හමුවේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් අභිලාෂයක් හා රාජ්‍ය සේවයේ උපරිම සහාය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී වැදගත් වනු ඇතැයි වාර්තාව හඳුනා ගනියි.