කොළඹ, 2017 මැයි 04 — සාධාරණත්වය පදනම් වූ වර්ධනය, මූල්‍ය අංශය සහ ආයතන ව්‍යුහයන් සඳහා වන ලෝක බැංකු උප සභාපතිවරයා වන ජාන් වැලිසර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දින කොළඹ බලා පැමිණේ. ඔහු සිය සංචාරය අතරතුර, ඉහළ මැදි ආදායම් රාජ්‍ය තත්වය වෙත ළඟා වීමට සහ එහි සමෘද්ධිමත් බව ඉහළ නැංවීමට මූලික වන ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ විෂයයෙහි සෘජු අවබෝධයක් ලබා ගනු ඇත.
“ශ්‍රී ලංකාව, පුළුල් මූල්‍ය, ආර්ථික සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් ලබා දී ඇත. ශ්‍රී ලංකා රජය සමග මාගේ රැස්වීම්වලදී මා බලාපොරොත්තු වන්නේ මෙම ව්‍යාපෘතීන් විෂයයෙහි ලෝක බැංකුව සපයනු ලබන සහයෝගය තව දුරටත් අවශ්‍ය කවරාකාරයෙන්ද යන්න විමසා බැලීමයි.“ යනුවෙන් වැලිසර් මහතා පවසයි.
සිය සංචාරය අතරතුර වැලිසර් මහතා, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ගරු අමාත්‍ය මලික් සමරවික්‍රම, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ අමාත්‍යංශ සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු මුණ ගැසෙනු ඇත. ඔහු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ නියෝජිතයින් කිහිප දෙනෙකු ද මුණ ගැසී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ක්‍රියාත්මක වන ආකාරය විමසා බලනු ඇත.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත/ නීතිය සඳහා මග හෙළි කිරීම වෙනුවෙන් රජයට සුභ පතමින් වැලිසර් මහතා පවසන්නේ “සංවර්ධන ඵලදායීතාව ඉලක්කගත කරමින් භාවිතයට කැදවන්නේ නම් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යනු ශ්‍රී ලංකාවේ සමෘද්ධිය පිළිබද ගමන් මගෙහි මග හෙළිකරන්නා වනු ඇති බවයි. එය සියලු පුරවැසියන්ගේම උපකරණයකි. විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන්නන්ගේ, රාජ්‍ය නොවන/ පුද්ගලික අංශයෙහි සහ රාජ්‍ය අංශයෙහි තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන ජන මාධ්‍යයෙහි උපකරණයකි.” ඔහු මෙම නීතිය ස්ථාපිත කිරීමෙහි ලා සෙසු සංවර්ධන සහකරුවන් හා ප්‍රධාන පාර්ශවකරුවන් හා එක්ව සහාය පළ කළ ලෝක බැංකුවේ මැදිහත් වීම ප්‍රතිරාව නංවයි.
2002 වර්ෂයේදී ලෝක බැංකුව හා එක්වීමට ප්‍රථම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආර්ථික විද්‍යාඥයකු ලෙස කටයුතු කළ වැලිසර් මහතා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල අයවැය කාර්යාලයෙහි ප්‍රධාන විශ්‍ලේෂකවරයා වශයෙන් විශ්‍රාමික දීමනා ප්‍රතිසංස්කරණ සහ බදු ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ සිදු කොට ඇත.
මූල්‍ය ප්‍රතිපත්ති, බදු ප්‍රතිසංස්කරණ, විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සහ කාර්යක්ෂම ආධාරකරණය යන මාතෘකා සම්බන්ධව, වෘත්තීමය ආර්ථික විද්‍යා ජර්නල ගණනාවක ඔහු අතින් ලියැවුණු ලිපි පළ ව ඇත.