මාධ්‍ය නිරාවරණය

World Bank South Asia Region Vice President Visits Sri Lanka

2016, අගෝස්තු 28


ලෝක බැංකු දකුණු ආසියානු කලාපීය උප සභාපතිනිය ශී‍්‍ර ලංකාවේ සංචාරයක

 

2016 අගෝස්තු 28‚ කොළඹදී  - ලෝක බැංකු දකුණු ආසියානු කලාපීය උප සභාපතිනිය වන ඇනට් ඩික්සන් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියාය. ඇය ශී‍්‍ර ලංකාවේ ගත කරන කාලය තුල ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හමුවන අතර‚ උතුරු පලාතේ ලෝක බැංකුවේ අනුග‍්‍රහයෙන් සිදුකරන ව්‍යාපෘති නැරඹීමට යාමටද නියමිතය. 2014 දෙසැම්බර් මාසයේදී දකුණු ආසියානු කලාපීය උප සභාපති ධූරයට පත් වූ පසු ඇය ශී‍්‍ර ලංකාවේ සිදුකරන තුන්වන නිල සංචාරය මෙයයි.

“ශී‍්‍ර ලංකාවේ උතුරු ප‍්‍රදේශය තුල මාගේ ප‍්‍රථම සංචාරය සිදු කිරීමට මම මහත් ආශාවෙන් බලාපොරොත්තු වෙමි. එහිදී ප‍්‍රධාන නිලධාරීන් සහ සිවිල් සමාජ නියෝජිතයින් හමු වී එහි සිදු කෙරෙන සංවර්ධන ප‍්‍රගතිය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මෙන්ම  ලෝක බැංකුවේ අනුග‍්‍රහයන් තුලින් උපරිම ප‍්‍රතිලාභ ලබාගත හැකි ආකාරය පිළිබඳව සොයා බැලීමට මම අදහස් කරමි ‚” යැයි ඇනට් ඩික්සන් මහත්මිය පැවසුවාය. ඉහල වර්ධනයක් සහ  සෞභාග්‍යයක් කරා ශී‍්‍ර ලංකාව යන ගමනේදී එහි සෑම පලාතක්ම දියුණුව කරා පියනැගීම අවශ්‍ය බව  ඩික්සන් මහත්මිය අවධාරණය කළාය.

ආර්ථික වර්ධනය සහ සංවර්ධනය අරමුණු කර ගත් ලෝක බැංකුවේ අනුග‍්‍රහය ලබන ව්‍යාපෘති ඩික්සන් මහත්මිය විසින් නිරීක්‍ෂණය කරනු ඇත. සිය සංචාරයේදී ඇය පලාත් පාලන ආයතන වල සේවා සැපයීම් වැඩි දියුණු කිරීමට අනුග‍්‍රහය ලබාදීම  සහ යාපනය නාගරික සංවර්ධන ප‍්‍රමුඛතා හා සම්බන්ධ ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය කරන්නීය. එමෙන්ම‚ ජීවනෝපාය අවස්ථාවන් ලබා දීම සහ ඵලදායීතාවය නැංවීම අරමුණු කරගත් උතුරු පලාතේ කෘෂිකර්ම නවීකරණ ඉඩ ප‍්‍රස්ථාවන් හා සම්බන්ධ ව්‍යාපෘතීන්ද ඇයගේ නිරීක්‍ෂණයට යොමු වනු ඇත.

ඇය‚ මුදල් ඇමති රවි කරුණානායක මහතා‚ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ උතුරු පලාත් මහ ඇමති විනිසුරු සී.වී. විග්නේස්වරන් මහතා ඇතුලු  අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මුණගැසෙනු  ඇත.

මෙම හමුවීම්  වලදී අපගේ සහයෝගය වැඩිදුරටත් ලබාදීම සම්බන්ධයෙන් රජය සමග මා මීට පෙර සිදුකළ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙමි. වසර 60 කට අධික කාලයක සිට ශී‍්‍ර ලංකාවේ විශාලතම සංවර්ධන සහකරු වශයෙන් ලෝක බැංකුව ඇතිකර ගෙන තිබෙන  ශක්තිමත් බැඳීම තවදුරටත් ගොඩනගා ගනිමින් ශී‍්‍ර ලංකාවේ මහත් වූ සංවර්ධන අපේක්‍ෂාවන් සඳහා අඛන්ඩව අනුග‍්‍රහය ලබා දීමට  ලෝක බැංකුව කැපවනු ඇත යනුවෙන්  ඩික්සන් මහත්මිය පැවසුවාය.

1954 දී ඇබඩීන්  - ලක්‍ෂපාන විදුලි ව්‍යාපෘතිය සඳහා ප‍්‍රථම ලෝක බැංකු ණය ආධාරය ශී‍්‍ර ලංකාවට ලබා දෙන ලදී. එතැන් සිට ලෝක බැංකුව ශී‍්‍ර ලංකාවේ විශාලතම සංවර්ධන හවුල්කරුවෙකු විය. එය ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපනය‚ සෞඛ්‍යය‚ නාගරික සංවර්ධනය‚ කෘෂිකර්මය‚ ගමනාගමනය සහ පරිසර සංරක්‍ෂණය යන අංශ වල ප‍්‍රගතිය සඳහා අනුග‍්‍රහය ලබා දීමට කටයුතු කර ඇත. ශී‍්‍ර ලංකා රජයේ අනුමැතිය ලබා දී ඇති පරිදි ලෝක බැංකු කණ්ඩායමේ කි‍්‍රයාකාරකම් නියාමනය කරනු ලබන්නේ ශී‍්‍ර ලංකා සහභාගීත්ව සම්මුතිය  (CPF)  මගිනි.  ඉදිරි වසර හතර සඳහා එනම්, 2020 ජූනි මාසය දක්වා ලෝක බැංකු අනුග‍්‍රහයන් ශී‍්‍ර ලංකා සහභාගීත්ව සම්මුතිය මගින් නියාමනය කරනු ඇත. ලෝක බැංකුවේ වත්මන් මුල්‍යාධාර බැඳීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 කි.

නවසීලන්ත ජාතිකයෙකු වන ඇනට් ඩික්සන් මහත්මිය මීට පෙර අයවැය, ප‍්‍රගති සමාලෝචන සහ උපායමාර්ගික සැලසුම් පිළිබඳ ලෝක බැංකු උප සභාපති කාර්යාලයේ උපාය මාර්ගික සැලසුම් අධ්‍යක්‍ෂවරිය ලෙස සේවය කලාය. ලෝක බැංකුවේ සේවා කාලය තුල තායිලන්තයේ සහ කසකස්ථානයේ ලෝක බැංකු අධ්‍යක්‍ෂවරිය ලෙස බැංකොක් සහ ඇල්මති නගර වල ජ්‍යෙෂ්ඨ නිලයන් හෙබ වූ ඇය ලෝක බැංකු කණ්ඩායම තුල විවිධ අංශ, රටවල් සහ කළමනාකරණ ගැටලු පිළිබඳ පුලුල් සහ ගැඹුරු අත්දැකීම් ලබා ඇත.

මාධ්‍ය සම්බන්ධතා
තුළ Colombo
Dilinika Peiris
dpeiris@worldbank.org
තුළ Washington
Joe Qian
jqian@worldbank.org



මාධ්‍ය නිරාවරණ අංකය:
SAR/2017

Api
Api

Welcome