වර්තමානයේදී, ශ්‍රී ලංකාව කොළඹ සිට ඉන්දියාවේ නගර 14ක් දක්වා ඍජු ගුවන් සබඳතා පවත්වාගෙන යන අතර එය සතියකට ගුවන් වාර 147කි.එවැනි ශක්තිමත් බැඳීම් දකුණු ආසියානු කලාපයේ විරලය.නිදසුනක් ලෙස, කොළඹ සහ කත්මණ්ඩු නුවර අතර, කාබුල් හෝ පාරෝ (භූතානයේ එකම අන්තර්ජාතික ගුවන් තොටුපළ ප්‍රදේශය) අතර කිසිදු ඍජු ගුවන් ගමන් නොමැත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශික ගුවන් සබඳතාව දශක කිහිපයක සිට පැමිණෙන්නකි.ශ්‍රී ලංකාව අවස්ථාව දුටු පමණින් එම අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගන්න ලදී.2003 වර්ෂයේදී ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම සඳහා වීසා බලපත්‍රවලට අවසර ලබා දීම වැනි අනෙකුත් ප්‍රතිපත්තීන් සමඟ ගුවන් සේවා ලිහිල්කරණයට සහය ලබා දුණි.
අද වන විට,කලාපයේ අනෙකුත් සියලු ද්විපාර්ශික ගුවන් තදබදයන් පරයමින් ඉන්දියා - ශ්‍රී ලංකා ගුවන් තදබදය ඉහළ ගොස් ඇත.2005 වර්ෂයේ සිට ඉන්දියානු සංචාරක පැමිණීම් තෙගුණයක් වී ඇති අතර ඉන්දියාව ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදෙස සංචාරකයන් ගෙන එන මූලාශ්‍රය බවට පත් ව ඇත.ඒත් සමඟම ගුවන් භාණ්ඩ ධාරිතාව ඉහළ ගොස් ඇති අතර ගුවන් ප්‍රවේශ පත්වල මිල ගණන් පහත බැස තිබේ.
මෙය ලෝක බැංකුවේ නව වාර්තාවකින් ඵල කෙරෙන එක් සාර්ථක කතාවකි. A Glass Half Full: The Promise of Regional Trade in South Asia
විවෘත කලාපවාදයට තිබෙන හැකියාව ගවේෂණය කරන මෙය, ප්‍රතිපත්ති සම්පාදකයින් මඟින් එය ඉහළ නංවා කලාපය හරහා ආර්ථික වර්ධනය ඇති කිරීමට මෙන්ම ගැඹුරු ගෝලීය ඒකාග්‍රතාවකට අත්වැල සපයන අයුරු පහදයි.
වාර්තාව එලි දක්වන අවස්ථාවේදී, ශ්‍රී,” ශ්‍රී ලංකාව හා මාලදිවයින භාර ලෝක බැංකුවේ අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය ප්‍රකාශ කළේ ලොව අඩුම වශයෙන් ඒකාග්‍ර වූ කලාපය ලෙස දකුණු ආසියාව රැඳී සිටින බවයි.නිදසුනක් ලෙස, නැගෙනහිර ආසියාවේ මුළු වෙළෙඳාමෙන් සියයට 50ක් කලාප අභ්‍යන්තර වෙළෙඳමෙන් වුව ද එය දකුණු ආසියාවේ මුළු වෙළෙඳාමෙන් සියයට 5ට තරමක් ඉක්ම වූ ප්‍රමාණයක් පමණි.ලොව නිර්ධනයින්ගෙන් සියයට 33ක පිරිසකට නිජබිම වන කලාපයකට මෙහි ඇඟවීම් ඇත.