ප්‍රතිසංස්කරණ සුබවාදී හා ස්ථාවර ආර්ථික පුරෝකතනයක් සඳහා අත්‍යාවශ්‍ය වනු ඇත.
ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමට ශ්‍රී ලංකා ආර්ථිකයේ තරඟකාරීත්වය ඉහළ නැංවීම අත්‍යාවශය සාධකයකි.මෙම අවශ්‍යතාවය නිසි ලෙස හඳුනා ගෙන ඇති රජයේ Vision 2025 ප්‍රතිපත්ති මාලාව, ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනා කර ඇත. ආරක්ෂණවාදී බදු ඉවත් කිරීම , ව්‍යාපාර පවත්වාගෙන යාමට යහපත් පරිසරයක් උදා කිරීම, ව්‍යාපාර කටයුතු ඇරඹීමට හා පවත්වාගෙන යාමට අදාළ කාර්යාවලීන්හි කාර්යක්ෂම බව වැඩි කිරීම, වෙළඳ කටයුතුවලට පහසුකම් සැපයීම මින් ප්‍රධාන තැනක් ගනී. තවද යහපාලනයට මෙන්ම රාජය මූල්‍ය ශක්තිමත් කිරීමටද ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනා කර ඇත.
කෙසේ නමුත් මෙම යෝජනා ක්‍රියාවට නැංවීම යම් තරමකට මන්දගාමී වී ඇති බවක් පෙනේ. ප්‍රධාන මැතිවරණ පැවැත්වෙන කාල වකවානුවන් අභියස සිටීම මෙම යෝජනා ක්‍රියාත්මක වීම මන්දගාමී වීමට හේතු විය හැක. බදු පරිපාලනය පිළිබඳ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වුවහොත් එය රාජ්‍ය මූල්‍ය ස්ථායිතාවයට අහිතකර ලෙස බලපෑ හැකි අතර මෑතක සිට නිතර සිදුවන ස්වභාවික ආපදා ආර්ථික වර්ධනයට මෙන්ම ගෙවුම් ශේෂයට, රාජය ආයවැයට හා දුගීකම පිටුදැකීමට අහිතකර බලපෑමක් ඇති කළ හැක. රාජ්‍ය ආදායම ඉහළ නංවමින් මුල්‍ය ස්ථායිතාවය පවත්වා ගැනීමට ක්‍රියා කිරීම කලාපයේ වයස්ගත වන රටක් වශයෙන් හඳුනාගෙන ඇති ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වනු ඇත.
රාජ්‍ය සහ රාජ්‍ය ව්‍යවසායන්ගේ ණය බර මූල්‍ය ස්ථායිතාවයට ඇති මූලික අවදානමකි.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 77.4 ක් වන රාජ්‍ය ණය කලාපීය වශයෙන් මෙන්ම සමාන ආදායම් ලබන රටවල අතරද ඉහළ අගයක් ලෙස වාර්තා වේ. තවද ලබන 2019 සිට වසර කීපයක් ගතවනතුරු ගෙවීමට ඇති ස්වෛරී බැඳුම්කර රාජ්‍ය ණය කළමනාකරණයට ඇති ප්‍රබල අභියෝගයකි. මෑතකදී සම්මත කරගත් සක්‍රීය ණය කළමනාකරණ පනත මෙම ස්වෛරී ණය පිලිබඳ ඇති අවදානම් අඩු කිරීමට ගන්නා ලද සාර්ථක පළමු පියවරකි.
පිරිවැය ආවරණය කර ගත හැකි මිලක් නොමැති වීම බොහෝ රාජ්‍ය ව්‍යවසායන්ට අභියෝගයක් වන අතර, ඒ හරහා විශාල ණය බරක් රාජ්‍ය ව්‍යවසාය මත පැටවී ඇත. මෑතකදී ක්‍රියාත්මක කරන ලද ඉන්ධන මිල සූත්‍රය ප්‍රධාන වශයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙහෙයුම් හිඟය හා ණය බර අඩු කිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.පිරිවැය ආවරණය කර ගත හැකි වන ලෙස මිල තීරණය වන සූත්‍රයක අවශ්‍යතාවය විදුලිබල ක්ෂේත්‍රයේද පවතී.
ගෝලීය වශයෙන් පොළි අනුපාතය ඉහල යන ප්‍රවණතාවයක් දක්නට ඇති පරිසරයක රාජ්‍ය මූල්‍ය විනය අත්‍යවශ්‍ය කරුණකි. රාජ්‍ය ව්‍යවසායන් මහා භාණ්ඩාගාරයේ ඇප සහිතව හා රහිතව බැංකුවලින් ලබාගෙන ඇති ණය හා ස්වභාවික ආපදාවලට හා ඊට අනුබද්ධ අවදානම් කළමණාකරණ සඳහා පුළුල් ප්‍රවේශයක් ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. යෝජිත ණය කළමණාකරණ කාර්යාලය පිහිටුවීම කඩිනම් කිරීම මේ සඳහා වැදගත් වේ.
ගුණාත්මකභාවයෙන් යුත් රැකියා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීම ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමට ඉවහල් වේ.
පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිය වාර්ෂිකව 0.5% කින් පමණ අඩු වී ඇත. ශ්‍රම බලකාය තුළ ස්ත්‍රී සහහාගීත්වය අඩුවීම සහ තරුණ සේවා වියුක්තිය ඉහළයාම මීට ප්‍රධාන හේතු සාධකයන්ය. පුද්ගලික ආයෝජන පදනම් කර ගත් නව ආර්ථික ආකෘතියක් කරා යන ගමනේදි ඉහළ හැකියාවකින් යුත් නම්‍යශීලී ශ්‍රම බලකායක් සිටීම වැදගත් වේ.
රැකියා සැපයීම වර්ධනය කිරීම සඳහා සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම,ගෝලීය සහ කලාපීය නිෂ්පාදන දාමයන් සමඟ සම්බන්ධ වීම, ව්‍යාපාර කටයුතු සඳහා පහසු පරිසරයක් ඇති කිරීම මෙන්ම නව්‍යතා සහ ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ පියවරයන් අවශ්‍ය වනු ඇත. ශ්‍රම බලකාය තුළ ස්ත්‍රී සහහාගීත්වය වැඩි කිරීම සහ හැකියා පරිපූර්ණ තරුණ පරපුරක් බිහි කිරීම ඉහල මැදි ආදායම් රටක් කරා යන ගමනේදී මහත් රුකුලක් වනු ඇත. තවද ජාතික සේවා නියුක්තියට වඩා පහළ අනුපාතයක් වාර්තා කරන උතුරු-නැගෙනහිර පලාත්වල රැකියා අවස්ථා ජනනය කිරීම සඳහා ඉහළ අවධානයක් යොමු විය යුතුය.
මෙම ප්‍රතිසංස්කරණ රැකියා අවස්ථා උත්පාදනයට මෙන්ම රජය අපේක්ෂා කරන ආකාරයේ දැනුම මත පදනම් වූ තරඟකාරී, ප්‍රතිලාභ සැම අතර බෙදී යන සමාජ වෙළඳපොල ක්‍රමයක් ඇති කිරීමට දායක වනු ඇත.