මේ වසරේ මාර්තු මස ජාත්‍යන්තර කාන්තා දින #PressforProgress’ වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ලෝක බැංකු ශාඛාව ශ්‍රී ලංකාව තුළ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය වර්ධනය කිරීම පිණිසවන ප්‍රමුඛතාවන් සහ අවස්ථාවන් පිළිබඳ තම අදහස් ප්‍රකාශ කිරීම පිණිස ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරනු ලැබී ය.
මෙම සමීක්ෂණය කාන්තාවන් කාර්යාලවල සේවයේ නොයෙදීමට හෝ නොරැඳිමට හේතු වන ප්‍රධාන අභියෝග සහ කාන්තාවන්ට වැටුප් සහිත රැකියාවන් ලබා ගැනීමට සහයවන දැනෙන සුළු ප්‍රතිපත්තීන් පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ ආකල්ප හඳුනා ගැනීමට සැලැසුම් කරන ලද්දකි.
මෙම සමීක්ෂණය සහ ඔබගේ පරමාදර්ෂී චරිතය කවුරුන්ද? ඡායාරූප තරඟය පිළිබඳ දැනුවත් කරන බ්ලොග් ලිපිය තුළින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින පිළිබඳ ලෝක බැංකු අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සමෘද්ධිය එහි කාන්තාවන් ශ්‍රම බලකාය හා සම්බන්ධ වීම මත රඳා පවතින අතර විශේෂයෙන් ම ඉතා වේගයෙන් වියපත්වන රටක් ලෙස ‘ශ්‍රී ලංකාව පොහොසත් වීමට පෙර වියපත් වන රටක්’ ලෙස ගැනීමේදී මේ තත්ත්වය අදාල වන බවත් ය. ප්‍රමාණවත් ශ්‍රම බලකායක් නොමැතිව රටකට තරඟකාරී විය නොහැකි අතර එනිසා ම මූලික සේවාවන් සැපයීමට ඇති හැකියාව මෙන් ම එකී සේවාවන් ලබා දීමට අවශ්‍ය ආදායම් උත්පාදනය ද අවහිර විය හැක.
අපට ලැබුණු ප්‍රතිචාර සතුටට හේතු වූ මුත් ඒ තව දුරටත් ඉහළ නැංගේ නම් තත්වය ඉතා ප්‍රියජනක වන්නට තිබිණි. 239ක් වූ සමස්ථ ප්‍රතිචාර දැක්වූවන් අතර කාන්තාවන් 169 දෙනෙක් හා පුරුෂයන් 69ක් වූ අතර ඒ අතුරින් බොහෝ දෙනෙකු වයස 25ත් 35ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් විය. ඉන් බොහෝ දෙනෙක් උපාධිධාරීන් හෝ පශ්චාත් උපාධිධාරීන් වූහ.
කාන්තාවන්ට රැකියා සඳහා පිවිසීමේ දී පවතින ප්‍රධානතම බාධාවන් ත්‍රිත්වය කුමක් ද? යන ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වූවන් අතරින් 46%ක් මාතෘත්වය සහ සුරැකුම් වගකීම් හඳුනාගත් අතර අනුගම්‍ය වශයෙන් 21%ක් සමාජ සහ සංස්කෘතික නියාමයන් ද, 15%ක් සේවා ස්ථානයේ දී සිදුවන ලිංගික අතවරයන් ද හඳුනා ගන්නා ලදී.
පුරුෂයන් සහ කාන්තාවන් වගකීම් බෙදාගැනීම අවශ්‍ය වේ.
ප්‍රතිචාර දැක්වූ එක් අයෙක් කියා සිටියේ සමාජය තුළ කාන්තාව නිවසේ එදිනෙදා වගකීම් (දිනපතා නැවුම් ආහාර, ළමා හා වැඩිහිටි සුරැකුම්) මෙන්ම කාර්යාලය තුළ දී ද සියයට සියයක දායකත්වයක් ලබා දිය යුතු බවට අපේක්ෂාවක් පවතින බවයි.
එසේ හෙයින්, පුරුෂයා සහ කාන්තාව යන දෙදෙනා ම දෙමාපියන් වන මුත් කාන්තාව ප්‍රාථමික රැකවල් සපයන්නා විය යුතු බවට සමාජය බලාපොරොත්තුවන බව ඔවුන් තව දුරටත් පවසා ඇත. තවත් එක් ප්‍රතිචාර දැක්වූවෙක් පැවසූයේ රැකියා සඳහා වන සම්මුඛ පරීක්ෂණවල දී තමන් විවාහ වීමට බලාපොරොත්තු වන වයස සහ දරුවන් කොපමණ ලැබීමට අපේක්ෂා කරනවාද යන පැනයන්ට පිළිතුරු දීමට සිදු වූ මිතුරියන් ඔවුන්ට සිටින බවයි.
රැකියාව නතර කිරීමට අපහසු වූ හෝ දිගින් දිගට ම රැකියාවෙහි නිරත වන්නට සිදුවූවන් අතරින් බොහෝ දෙනෙක් ප්‍රබල අභියෝගයන්ට මුහුණ දෙති. ප්‍රතිචාර දැක්වූවන් හඳුනාගත් කරුණු අතර රැකියාව සහ නිවස අතර වගකීම් දෝලනය වීම (89%ක්), දිගු පැය ගණනක් සේවය කිරීම හෝ අතිකාල සේවාවන්හි නිරත වීමේ අපහසුතා (73%ක්) සහ ළමා සුරැකුම් සඳහා වන අපහසුතා (79%ක්) ප්‍රමුඛතම අභියෝගයන් ලෙස විය. එක් ප්‍රතිචාර දැක්වූවෙක් කියා සිටියේ අනම්‍ය වූ සේවා ස්ථාන ක්‍රියාවලීන් සහ ප්‍රතිපත්තීන් තුළින් තරුණ ළමුන් හෝ ළදරුවන් සහිත කාන්තාවන් දරු ප්‍රසූතියකින් පසුව ශ්‍රම බලකායට එක් වීමට ඇති අපහසුතාවය පිළිබිඹු කරන බවයි.
කාන්තාවන් සහ පුරුෂයන් විවාහ සහ වෘත්තීය ජීවිතය සමබර කොට පවත්වාගත යුත්තේ කෙසේ දැයි විමසූ විට සැලකිය යුතු බහුතරයක් කියා සිටියේ කාන්තාවන් සහ පුරුෂයන් පවුල් වගකීම් සමව දැරිය යුතු බවත් එවිට දෙදෙනාට ම පවුලේ ආදායමට දායක විය හැකි බවත් ය. ප්‍රතිචාර දැක්වූවන් අතරින් 85%කට වඩා විශ්වාස කරන්නේ කාන්තාවන් නැවත රැකියා සඳහා ගෙන්වා ගැනීමට නම් පවුලේ වගකීම් නිවස තුළ හුවමාරු වීම අත්‍යාවශ්‍ය වන බවයි.
එසේ වුවත්, මෙම සමබර ලෙස බෙදාගැනීමෙහි හරය වන්නේ පවුල් මට්ටමින් ආකල්ප වෙනස් කිරීමේ ඇති අවශ්‍යතාවයි. එහි දී පීතෘභාවය පිළිබඳ සංකල්පය සහ ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ භූමිකාවන් නිවසේ දී හුවමාරු කරගැනීම යන දෑ ප්‍රවර්ධනය කිරීම අවශ්‍ය වේ. ළමා සුරැකුම් සහ රැකියාව තුලනය කර ගැනීමට අවශ්‍ය දෙමාපියන්ට නම්‍ය සේවා කාලයන් ලබා දීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් මෙම සංකල්පමය වෙනස් වීම තහවුරු කොටගත යුතු බව ප්‍රතිචාර දැක්වූවන් කියා සිටි අතර නිවසේ සිට රැකියාවන්හි නිරත වීමට සහ සේවා ස්ථානයන්හි විශ්වාසවන්ත ළමා සුරැකුම් පහසුකම් සැපයීමට වන ප්‍රතිපත්තීන්හි අවශ්‍යතාව ද ඉස්මතු කරන ලදී.